කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක හිමිකරුවෙකුට රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනවා.

එමෙන්ම එම ගබඩාවේ තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝ ග්‍රෑම් 42,275ක් විනාශ කිරීමටයි කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ හිරිපිටිය මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුවන් විසින් එම ගබඩාව වටලනු ලැබුවා.

එහිදී සොයා ගත් බඩ ඉරිඟු කිලෝ 27,142ක්, සෝයා ඇට කිලෝ 9,193ක් සහල් කිලෝ 3,620ක් සහ මුං ඇට කිලෝ 2,320ක් රඳවා තබා සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමටයි ඔවුන් පියවර ගත්තේ.

ඒ අනුව එම සාම්පල කෘමි හානි සිදුව ඇති බවට තහවුරු වී තිබෙනවා.