ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීමක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා එම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.
මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දම ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළා.
පැවති අපදා තත්ත්වය හමුවේ විනාශ වී ඇති වාරි පද්ධති සහ ජලාශ කඩිනමින් ප්‍රතිසංස්කරණ කිරීම, ආපදාවට ලක් වූ භෝග වගාවන් සහ සත්ව ගොවිපොළ යළි ආරම්භ කිරීම සහ ආපදාව හේතුකොට ගෙන ධාවනය නොවන බස් රථ සේවා යළි ඇරඹිම පිළිබඳව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළා.



