කෙන්ටකි හි ගුවන් අනතුරින් පසුව ඇමරිකානු බෙදාහැරීමේ සමාගම් වන UPS සහ FedEx ඔවුන්ගේ භාණ්ඩ ගුවන් යානා තාවකාලිකව නවත්වා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් UPS සමාගම කියා සිටියේ තම ගුවන් යානා සමූහයෙන් 9% ක් ඉවත් කිරීමට තමන් තීරණයක් ගත් බවයි.
බෝයිං සමාගම පසුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, MD-11 ගුවන් යානයේ භාවිතය අත්හිටුවීමට UPS සහ FedEx නිර්දේශ කළ බවයි.
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන සමාගම් වන UPS සහ FedEx හි මෙම මාරුවීම් බෙදාහැරීමේ සේවාවන්ට කොතරම් දුරට බලපානු ඇත්ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
UPS භාණ්ඩ ප්‍රවාහන සමාගම නිකුත් කල එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ සේවාව දිගටම කරගෙන යාම සඳහා හදිසි සැලසුම් ක්‍රියාත්මක බවත් අපගේ සේවකයින්ගේ සහ අප සේවය කරන ප්‍රජාවන්ගේ ආරක්ෂාවට ඉතා වැදගත් බවයි
අනතුරට ලක් වූ ගුවන් යානයේ ආකෘතිය MD-11F ත්‍රිත්ව එන්ජින් ගුවන් යානයක් වූ අතර එය වසර 34 කට පෙර තායි එයාර්වේස් සමඟ මගී ගුවන් යානයක් ලෙස සේවයට ඇතුළත් වූ නමුත් 2006 දී UPS වෙත මාරු කර තිබෙනවා.
1997 දී සමාගම බෝයිං සමඟ ඒකාබද්ධ වීමට පෙර MD-11 ගුවන් යානා මුලින් නිෂ්පාදනය කරන ලද්දේ මැක්ඩොනල් ඩග්ලස් විසිනි.
MD-11 ගුවන් යානා නිෂ්පාදනය 2000 දී අවසන් වූ අතර මගී සේවය නිල වශයෙන් 2014 දී අවසන් විය.
අඟහරුවාදා කෙන්ටකි හි ගුවන් ගත වීමේදී සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබුනා.
UPS ගුවන් යානය ගුවන්ගත වී ටික වේලාවකට පසු ගිනිගෙන ඇති අතර, යානය කඩා වැටීමෙන් පසුව ඇති වූ ගින්න හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ගිනිබත් වූ අතර ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමුණි.
මාරාන්තික අනතුරට හේතුව කුමක්දැයි නිලධාරීන් තවමත් නිශ්චය කර නොමැත.




