අද දින දහවල් 12න් පසු කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදු කරන ගාස්තු අය කිරීමක් හෝ මුදල් අය කිරීමක් සිදු නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ වෙනුවට සීදූව අන්තර් හුවමාරුවේදී සහ පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී ප්‍රවේශපත් නිකුත් කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසුවේ.

කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම තුළින් එකම ගමනාත්තයට ප්‍රවේශපත් දෙකක් මිලදී ගැනීමේදී රියදුරන්ට සිදුවූ අපහසුතාවය මඟහරවා ගැනීමට හැකියාව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා වැඩිදුරටත් සඳහන් කළා.