මෙරටින් පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබෙනවා. ඒ, කෙහෙල්බද්දර පද්මේගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන “ගම්පහ දේවා” නමැත්තා කටුනායක ගුවන් තොටුපළේදී ගුවන් තොටුපොළ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. එම සිද්ධියෙන් පසු කෙහෙල්බද්දර පද්මේ නමැත්තා දුරකතනය ඔස්සේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකතනය ඔස්සේ තර්ජනය කර ඇත්තේ මෙලෙසයි.

  “ගම්පහ දේවා” නැමැත්තා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයෙ ්අත්අඩංගුවට ගෙන තිබුණේ තායිලන්තය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි. ඔහු ඊයේ උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 39 හැවිරිදි දිසානායකගේ දේවාන්මිණි දිසානායක නැමති එම සැකකරු ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ උතුර අපරාධ කොට්ඨාශය මගින් සිදු කරනු ලබනවා.