Published
පාතාල කල්ලි නායකයෙකු බව කියන කෝරල ගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ විසින් ලබා දී තිබූ විදේශීය රටක නිෂ්පාදිත නවීන පන්නේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබී සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයා කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පවත්වා ඇති බවයි.
කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ ගිනි අවිය සමග ජීව උණ්ඩ සහිත මැගසිනයක් රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට එම ව්‍යාපාරිකයාට ලබාදී ඇති බවද පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
පසුගියදා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ මේ වනවිට රැදවුම්භාරයේ පසුවනවා.




