මෙරටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග සහ බැකෝ සමන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හා කාන්තාවක් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම සැකකරුවන් මේ වන විට ඉන්දුනීසියානු පොලිස් භාරයේ පසුවනවා. අදාල සැකකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස්පතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.