Published
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ වූ කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වනවා. ඔවුන් පසුගිය 09 වනදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවටයි වාර්තා වුණේ. කෙසේවෙතත් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවටද මේ වන විට වාර්තා පළ වනවා.