Published
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ, මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර ගොනු කර තිබුණද ඊට අදාළ ඇමුණුම් මේ වන විටත් ගොනු කර නොමැති වීම හේතුවෙන්.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් අධිකරණයට ඒ බව දැනුම් දෙනු ලැබුවා.
ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ඇමුණුම් ලැබීමට දින 21ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරයා දැනුම්දී ඇති බැවින් දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙසයි.
ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමට අධිකරණය නියම කළා.