Published
2015 වසරේ ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- මුදලක් වැය කර ජී. අයි බට 600 ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කර "දූෂණය" නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව
දූෂණ චෝදනා යටතේ ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (28) නියෝග කළේය.
මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින එහි විත්තිකරුවන් වන හිටපු ජනමාධ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.
2015 වසරේ ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- මුදලක් වැය කර ජී. අයි පයිප්ප බට 600 ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කර "දූෂණය" නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණි.




