ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනගාරායේ ‘එම් – 2’ වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
ඔහු සමඟ තවත් රැඳවියන් 07 දෙනෙකු එම වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.
මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අවස්ථාවේදී ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළත් කෙරුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මෙම වාට්ටුවටයි.
මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග අත්අඩංගුවට ගැණුනු ඔහුගේ බිරිඳ සහ දියණිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයට ඇතුළත් කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව ඔවුන් තිදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
ඒ අනුව සැකකරුවන් තිදෙනා ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් එක් සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහරින ලෙසයි.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
කෙසේවෙතත් අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුවන් තිදෙනා ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.