Published
දොම්පේ පොලිස් වසමේ නාගහදෙණිය, පාළුගම, ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් සන්තකව සිටි හිටපු ගුවන් හමුදා ෆලයිට් සාජන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.
එහිදී කේරළ ගංජා කිලෝ 196යි ග්රැම් 218ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරීමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා වන බවටද අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දොම්පේ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.




