Published
ඩෙංගු රෝගීන්ගේ සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 42,000කට වැඩි පිරිසක් වාර්තා වන බවයි.
කොතෙකුත් දැනුවත් කිරීම් සිදු කළ ද ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන් මදුරු ඝණත්වය සීඝ්රයෙන් වැඩිවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය බලධාරින් වැඩිදුරටත් සඳහන් කළේ.




