Published
හැටන් කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපති රාජමනී ප්‍රසාන්ත් මහතා පත් වී තිබෙනවා.
ඒ පැවත්වූ විවෘත ඡන්ද විමසීමෙන් අනතුරුව වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්.
හැටන් කොටගල ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්වීම ආරම්භ වුණේ අද පෙරවරුවේයි.
ඒ, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ එම් කේ පී කේ චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් තේරී පත් වී ඇත්තේ ජාතික ජන බලවේගයේ ජේසුදාසන් යහුලමාරි මහත්මියයි.
කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති ධූරය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයෙන් රාජමනී ප්‍රසාන්ත් මහතාගේ නම සහ සමගි ජන බලවේගයේ ලෙච්චිමන් විස්වනාදන් මහතාගේ නම යෝජනා වී තිබුණා.