Published
කොටහේන ප්‍රදේශයේදී පසුගිය 07 වනදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයී.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




