Published
පසුගිය අඟහරුවාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්රදේශයේදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 52 හැවිරිදි කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචි හිටපු නාගරික මන්ත්‍රීවරයෙක්.
රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදු කිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවලට අදාළව එම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
සැකකරු කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොම්පඤ්ඤවීදිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.




