ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා.

ඒ යටතේ පීඩාවට පත් දරු දැරියන් වෙනුවෙන් පාසල් පොත් සහ උපකරණ බෙදාදීම අද සිදු කෙරුණේ කොත්මලේ සහ තවත් ප්‍රදේශ කිහිපයකදීයි.

ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත විමුක්ති කැලුම්ගෙන්.

දිරිය නෙත් නැණ සවිය වැඩසටහන සම්බන්ධයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා මෙලෙස අදහස් දැක්වූවා.