සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයට පත් කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5 ක් දැවී ලකුණු 207 ක් රැස් කළා. මාර්ක් චැප්මන් පන්දු 28කදි වේගවත් ලකුණු 78 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 7 ක් ද සමගයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 204 ක් පමණයි. රොවුමන් පවෙල් පන්දු 16කදි වේගවත් ලකුණු 45ක් රැස් කළද එය කොදෙව් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට ප්රමාණවත් වුණේ නැහැ. ඒ අනුව මෙම තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට ලකුණු 3 ක තියුණු ජයක් හිමි වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ නවසීලන්ත ක්රීඩක මාර්ක් චැප්මන්.
දෙරට අතර මීළඟ විස්සයි විස්ස තරගය එළඹෙන 9 වනදා පැවැත්වීමට නියමිතයි.
Published




