කොරෝනා වසංගතය පැවති කාලසීමාවෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මේ වසර අවසන් වන විට, කොරෝනා වසංගතයට පෙර පැවති තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඇගයීම් කාලසටහන්වල පැවති ගැටලුද මේ සමග නිරාකරණය වන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම පාසල් ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.