කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපනශාලාවක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

එම ආපනශාලාවේ සේවකයින් පිරිසක් සහ පිටස්තර පිරිසක් අතර අදාළ ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

පිටස්තර පිරිස ආහාර මිලදී ගැනීම සදහා එම ආපනශාලාවට පැමිණ තිබෙනවා.

ඔවුන් ඇණුවම් කළ ආහාර ලබාදිමට ආපන ශාලාවේ සේවකයන් ප්‍රමාදවීම හේතුවෙන් දෙපාර්ශය අතර බහින්බස්වීමක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉන් අනතුරුව එය ගැටුමක් දක්වා වර්ධනය වි තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසුවා.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතඅඩංගුවට ගැනීම සදහා සී.සී.ටී.වී කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.