කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටිමින් සේවය කළ විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදීයි. මෙම කාන්තාවන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ තිබූ අතර, ඔවුන් අතර සිටි කාන්තාවන් සිව් දෙනෙකුගේ සංචාරක වීසා කාලය ද මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 25ත් 39ත් අතර පසුවන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ. ඔවුන්ගෙන් 06 දෙනෙකු තායිලන්ත ජාතික කාන්තාවන් වන අතර 03 දෙනෙකු වියට්නාම් ජාතිකයින් සහ එක් කාන්තාවන් චීන ජාතික කාන්තාවක්ද වනවා. අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් පිරිස මේ වනවිට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර, මොවුන් කඩිනමින් ඔවුන්ගේ රටවල් වෙත පිටුවහල් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Published