කොස්ගම, සුදුවැල්ල ප්රදේශයේදී අද අලුයම සිදුවූ වෙඩිතැබීම පිළිබඳ සී සී ටී වී දර්ශන යොදාගනිමින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
අදාළ සී සී ටී වී දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනා ප්රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කෙරුණා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කුලී ත්රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි එම පුද්ගලයින් තිදෙනාට වෙඩි තබා තිබෙනවා.
තුවාල ලබා ඇත්තේ ත්රීරෝද රථයේ ගමන් කළ මව, දියණිය සහ තවත් පිරිමි පුද්ගලයෙක්.
ඔවුන් වයස අවුරුදු 12, 30 සහ 44 යන වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචිකරුවන්.
අදාළ වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කරන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.