කොස්ගොඩ, හතරමංහන්දිය ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින ශාන් මල්ලි නමැත්තා විසින් බවට අනාවරණ වී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ පස්වරුවේ ත්රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා තිබුණා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්රී රෝද රථයේ රියදුරා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.
එලෙස තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි “රන් මහත්තයා” නමැති කොස්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ අදාළ ත්රීරෝද රථයේ හිමිකරු වන බාලේ නමැත්තා බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් වෙඩි ප්රහාරය එල්ල කරන අවස්ථාවේ ත්රීරෝද රථයේ ගමන් කර ඇත්තේ බාලේ නමැත්තාගේ ඥාති පුත්රයෙකු වන රන් මහත්තයා බවයි පොලීසිය පැවසුවේ.
මීට වසර දෙකකට පමණ පෙරද බාලේ නමැත්තා ඉලක්ක කර අහුංගල්ල ප්රදේශයේදී වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.