රට මුහුණ දී සිටින දිගුකාලින සමාජ ගැටලුවක් වන බහුමාන දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා නව රජයේ සංවර්ධන ප්‍රවේශයන්හි ප්රමුඛස්ථානයක් හිමිව ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.
එහිදි ප්‍රධාන ප්‍රවේශ ලෙස සමාජ සවිබල ගැන්විම සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරිම හඳුනාගෙන ඇති බවයි ජනාධිපති ලේකම්වරයා පැවසුවේ.
ජනතාව වෙත එම ප්රතිලාභ ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවද ඔහු අවධාරණය කළා.
ඒ, 2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ‘ප්‍රජාශක්ති’ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සදහා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීයි.
2026 වර්ෂයේදී ප්‍රජාශක්ති ඇතුළු අනෙකුත් සංවර්ධන වැඩසටහන් යටතේ ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 180ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව එහිදි අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවා.
දැනට සියයට 5ක්ව පවතින ආර්ථික වර්ධන වේගය සියයට 7ක් දක්වා ඉහළ නංවා ගැනීමේ සහ මධ්‍යකාලීන ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ වැඩපිළිවෙළෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට පුළුල් කාර්යභාරයක් පැවරෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
එහිදීග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ද අදහස් පළ කළා.
ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට ජාතික නායකත්වය ලබා දීම ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ අරමුණයි.
මෙතෙක් හුදෙකලාව එක් අමාත්‍යාංශයක සහ ආයතනයක කාර්යභාරයක්ව තිබු දිළිඳුකම තුරන් කිරීම ප්‍රජාශක්ති යටතේ පුළුල් සාමුහික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.




