කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට හෙට දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා වූ එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.

ඒ අනුව බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම හා බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ද මෙම ජල කප්පාදුව බලපැවැත් වෙනවා.