විවිධ දේශපාලන උවමනාවන් මත කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදු කළ විවිධ ඉදිකිරීම් හේතුවෙන් අද වන විට දිස්ත්‍රික්කයේ ජනතාව අවදානමකට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

කෙසේවෙතත් මින් ඉදිරියට එවැනි කිසිදු ඉදිකිරීමකට අවසර ලබා නොදෙන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව දැඩි නිරීක්‍ෂණයෙන් පසුවන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පාලනය සඳහා විශේෂ මැදිහත්වීමක් සිදු කිරීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.