ශ්‍රී ලංකා ගුවන් සමාගමට එක්වූ නවතම ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට ළඟා වුණා.

එයාර් බස් ් 330 – 200 මෙම ගුවන් යානය මෙරටට පැමිණියේ ප්‍රංශයේ පැරිස් නුවර සිටයි.

එය මෙරට ජනතාවට පළමු වරට දැකගැනීම සඳහා කටුනායක සිට කොළඹ අහසේත් කොළඹ වරාය නගරය දකුණ දෙස සිට පානදුර දක්වා අහසේත් පියාසර කෙරුණා.

ඒ, අඩි 1,500ක් තරම් පහළින්.

පාඩු ලබමින් ඇතැයි විවිධ චෝදනා එල්ල වන ශ්‍රී ලංකා ගුවන් සමාගමට මෙවැනි ගුවන් යානයක් මිලදී ගත්තේ ඇයි?

මේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරු, ආයතනික සන්නිවේදන දීපාල් පෙරේරා මහතා.

මෙම ගුවන් යානයේ ඡායාරූපයක් ලබාගෙන ගුවන් ටිකට්පතක් දිනා ගැනීමට අවස්ථාවක් ලබාදීමට නෙත් එෆ් එම් රේඩියෝව ද මැදිහත් වුණා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරු, ආයතනික සන්නිවේදන දීපාල් පෙරේරා මහතා අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට එක් වූ අවස්ථාවේදීයි.

ඒ අනුව මෙම ගුවන් යානය පියාසර කරන ආකාරයේ ඡායාරූපයක් ලබාගෙන එය ඔබේ සමාජ මාධ්‍ය ගිණුමක පළ කළ යුතුයි.

එලෙස පළ කරන විට ශ්‍රී ලංකන් එයාලයින්ස් හෝ නෙත් එෆ් එම් ලෙස හෑෂ් ටැග් සමඟ එය පළ කළ යුතු අතර එසේ නොමැතිනම් එම ඡායාරූපය 0711 95 95 95 ට වට්ස්ඇප් කළ හැකියි.

ශ්‍රී ලංකා ගුවන් සමාගමට එක්වූ මෙම නවතම ගුවන් යානය දැකබලා ගැනීම සඳහා බොහෝ පිරිසක් ගාලුමුවදොර පිටියට ද එක්ව සිටියා.

ඒ, මෙම දුර්ලභ අවස්ථාව සිය නෙතින් දැකගැනීමට මෙන්ම සිය කැමරා කාචයේ ද සඳහන් කර ගැනීමේ අරමුණින්.