Published
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද පෙරවරුවේ ඒකක 19,000 සීමාව ඉක්මවා ගියා.
ඒ, ඉතිහාසයේ පළමු වරටයි.
එලෙස සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 19,000 සීමාව ඉක්මවා ගියේ අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක පමණ කාලයක් ගත වීමටත් පෙරයි.
ඒ වන විට කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවන පිරිවැටුම රුපියල් බිලියන 1.29 ඉක්මවා ගොස් තිබුණා.
කෙසේවෙත් මේ වන විට සියලු කොටස් මිල දර්ශකයේ අගය තරමක් පහත වැටී ඇති බවයි කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා අනාවරණ කළේ.