“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” දෙවන දිනටත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මේ වන විට ක්‍රියාත්මක වනවා.
මෙම පොත් ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් පැවැත්වීමට නියමිතයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය නිමාවට පත්වීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක් පමණයි.
මේ වන විටත් පොත් ප්‍රදර්ශනය සඳහා විශාල පාඨකයින් පිරිසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බවයි කොළඹ ජාත්‍යන්තතර පොත් ප්‍රදර්ශන භූමියේ රැඳී සිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජිතවරිය පැවසුවේ.
මේ අතර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ නෙත් එෆ් එම් විශේෂ කුටියක් මෙවර ද ස්ථාපිත කර තිබෙනවා.
ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පොත් ප්‍රදානය කිරීම සඳහා ඇරඹි “පොත් කැටය” නෙත් එෆ් එම් සමාජ සත්කාරක වැඩසටහන මෙවර ද ක්‍රියාත්මකයි.
ඒ අනුව පොත් මිලදී ගන්නා ඔබට ද ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් පොත් කැටය වෙත පොත් පරිත්‍යාග කිරීමට අවස්ථාව පවතිනවා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ ජනතාව මෙන්ම නෙත් එෆ් එම් “පොත් කැටය” සඳහා පොත් පරිත්‍යාග කළ පාඨකයින් මෙලෙස සිය අදහස් පළ කළා.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.





