“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” තෙවන දිනටත් මේ වන විට ක්‍රියාත්මකයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන එම පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා පැවැත්වෙනවා.
ඒ, පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වායි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කළ එම පොත් ප්‍රදර්ශනයට අද පෙරවරු කාලයේද බොහෝ පාඨක පිරිසක් පැමිණ සිටියා.
ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද වනවා.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියට ද ඔහු පැමිණියා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටියේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සචිනි සීලවර්ධන සමගින්.
දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් බොහෝ පිරිසක් අද පෙරවරුවේ ද පොත් කැටයට පොත් ප්‍රදානය කළා.
නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ එම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා.







