කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ හා ආරම්භක විදුහල්පති ආර්. අයි. ටී. අලස් මහතාගේ ගුණ සමරු දේශනය අද පස්වරු 04ට එම විද්‍යාලයේදී පැවැත්වෙනවා.

එම අවස්ථාවට එක්වන ලෙස ආදි සිසුන් වත්මන් සිසුන් හා සිසුන්ගේ මව්පියන්ට ආරාධනය කරන බවයි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.