කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “තමාට පෙර රට” මනූෂීය මෙහෙයුමේ හතර වන අදියර අද ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද දිනයේදී අලවතුගොඩ, රඹුකේ ඇළ ප්‍රදේශයේදී වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත විතාරණ මහතා පැවසුවේ.