කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් පද්ධතිය කපා එහි ඇති තඹ කම්බි හා තවත් දේපල රැසක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල මුර පොළට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් බවයි කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටියේ.

සැකකාර සැරයන්වරයා සොරාගත් බව කියන විවිධ වර්ගයේ හා විවිධ දිගින් යුත් වයර් තොගයක් , කිලෝ ග්‍රෑම් 01 ක් බර ගම් ටින් 01 ක් , යකඩ කපන කතුරක් , පුටු රෝද 09 ක් , වයර් සුද්ද කිරීමට යොදා ගන්නා පේපර් කටර් වර්ගයේ පිහියක් , හා වෝල්ට් 1000 වර්ගයේ ප්ලෑස් ලයිට් 01 ක් පොලිස් භාරයට ගෙන ඇත

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පොලිස් සුභසාධක ගොඩනැගිල්ලේ හයවන මහලේ ශ්‍රවනාගාරයේ දොරක් කඩා ඇතුළු වී තිබූ කිසියම් පුද්ගලයකු ශ්‍රවනාගාරයේ විදුලි උපකරණ වලට විදුලි සම්බන්ධතාවය ලබා දී තිබූ විදුලි රැහැන් පද්ධතිය කපා ඒ තුළ අඩංගුව තිබෙන තබ කම්බි 2025 අගෝස්තු මස 01 වෙනිදින ත් 2025 සැප්තැම්බර් මස 24 වෙනිදින ත් අතර කාලයේදී සොරාගෙන ඇති බව පවසමින් ගොඩනැගිලි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් කර තිබිණි

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී සැකකරු පදිංචි බදුල්ල එගොඩ උයන පතනේ ගෙදර නිවස තුල සහ තවත් වෙළඳසැලකට දේපළ වලින් කොටසක් විකුණා තිබේදී සොයා ගත් බව පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකාර සැරයන්වරයා සොරා ගත්දේපලවල වටිනාකම මෙතෙක් ගණනය කර නැතැයිද පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා