ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොළඹ - මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවයි පොලීසිය පැවසුවේ.

මාර්තු මස 15 දක්වා එම මාර්ගය වසා තැබීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු කර ඇත්තේ.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.

කඩවත - මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.