Published
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් දිවුරුම්දීම්, වැඩ භාර ගැනීම් මේ දිනවල කාගේත් අවධානයට යොමුව තිබුණ ද වැඩිම අවධානයක් යොමුව ඇත්තේ කොළඹ මහනගර සභාව දෙසයි.
සමගි ජන බලවේගය පවසන්නේ සිය නගරාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සූදානම් බවයි.
ඔහු කවුද? මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා.
කොළඹ මහනගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක ඔබද? මාධ්‍යවේදීන් රීසා සාරුක්ගෙන්ම විමසීමක් කළා.
පත්වීමට තියා නගරාධිපති අපේක්ෂකයා වීමටත් පෙර රීසා සාරුක්ට දැනටමත් චෝදනාවල් එල්ල වී අවසන්.
අරගලේ නියමුවෝ සංවිධානය එම චෝදනා රැගෙන අල්ලස් කොමිසමට ගියා.
මේ, එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් මහතා.
පළාත් පාලන ආයත 160ක කටයුතු ඊයේ සිට ආරම්භ වුණා.