කොළඹ මහනගර සභාවේ මුදල් කමිටුවෙන් තමන් ඉවත් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා මහතා පවසනවා.

ඊට බලපෑ හේතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.