කොළඹ මහනගර සභාවේ අයවැය පරාජයට පත්වීම අද වන විට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
මෙලෙස පරාජයට පත්වන්නේ 2026 වර්ෂයේ මංගල අයවැයයි.
ඊයේ ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60ක්.
පසුව කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඒ පිළිබඳ අදහස් පළ කළේ මෙලෙසයි.
පසුව මේ සම්බන්ධයෙන් දේශපාලඥයින්ද අදහස් පළ කළා. මේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ දැන් කොළඹ මහනගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය බවයි.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පළාත් පාලන ආයතන අයවැය පරාජය වීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
එහිදී ඔහු කියා සිටියේ යළිත් වරක් කොළඹ මහනගර සභාවේ අයවැය ඉදිරිපත්කිරීමට නියමිත බවයි.




