කොළඹ මහ නගර සභාවේ බලය හිමි වන්නේ කාටදැයි සති ගණනාවක් පුරා පැවති සංවාදය අද අවසන් වුණේ ජාතික ජන බලවේගයට ඉතිහාසයේ පළමුවරට එහි බලය හිමි කර දෙමින්.

ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් දිගින් දිගටම අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.

සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ බලය අත් කර ගැනීමට දිගු සටනක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද හිමි වූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර කොළඹ පුරපතිවරයා තෝරා පත් කර ගැනීමට අද පැවති රහස් ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.