කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතු ශාඛා කාර්යාලය ඉන් ඉවත් කර දැමීමට තීරණය කර ඇතැයි පැවසෙන අතර ඒ පිළිබඳ ජනතාවගේ විරෝධය සහ ඊට බලපෑ හේතු පිළිබඳවව අද නෙත් සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා.

රාජ්‍ය ආයතන වල වියදම් අවම කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් පවතින අතර මෙම ආයතනය වියදමට සාපේක්ෂව ඉහළ ආදායමක් සහ ඉහළ සේවාවක් සපයන බවයි පැවසෙන්නේ.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.