කොළඹ විශ්වවිද්‍යාලය විසින් සොයාගත් බවට පැවසෙන පිළිකා නාශක ඖෂධය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය නිවේනයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලය පවසන්නේ තම විශ්වවිද්‍යාලයේ නම වැරදි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ නොමඟ යවන සුළු පළ කිරීම් කිහිපයක් සිදුකර ඇති බවයි.
විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට සහ රෝගීන්ගේ ආරක්ෂාවට ඇති බරපතල බලපෑම සැලකිල්ලට ගනිමින් එම නොමඟ යවන තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගැනීමට සිදුවනු ඇති බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.
ඖෂධීය සූදානමේ, ඖෂධීය ගුණ විමර්ශනය කරමින් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණ කිහිපයක් තිබුණද, ඒවා තවමත් සායනික අත්හදා බැලීම් අදියරට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට ළඟා වී නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලය අවධාරණය කරනවා.
ඒවා ඖෂධ ලෙස සැලකිය නොහැකි බවයි අදාල නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.
සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ලියාපදිංචි ඖෂධ පමණක් ලබා ගැනීමට රෝගීන්ට උපදෙස් දෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලය පර්යේෂණ සහ නවෝත්පාදනයේ ඉහළම සදාචාරාත්මක සහ වෘත්තීය ප්‍රමිතීන්ට කැපවී සිටන බවත් එහි සඳහන්.
විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ මහජනතාව දැනුවත් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ සමාජ මාධ්‍ය පිටුව හරහා පමණක් බවද කොළඹ විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසනවා.