ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා යමින් තිබූ නෞකාවක් ගිනිගෙන තිබෙනවා.
ඒ, දකුණු කේරළ ප්‍රාන්තයේ වෙරළට ආසන්න අරාබි මුහුදේදීයි.
මෙලෙස ගිනිගෙන ඇත්තේ සිංගප්පූරු ධජය සහිතව භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ එම්.වී වෑන් හයි 503 (MV Wan Hai 503) නෞකාවයි.
එහි ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නෞකාවේ අභ්‍යන්තර බහාලුම් පිපිරීමක් පළමුව සිදුව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් දහඅට දෙනෙකු බේරාගෙන තිබෙනවා.
කෙසේවෙතත් සිව් දෙනෙකු තවමත් අතුරුදහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔවුන් තායිවාන, මියන්මාර සහ ඉන්දුනීසියානු ජාතිකයින්.
ගින්නත් සමග එහි තිබූ බහාලුම් 50ක් මුහුදට වැටී තිබෙනවා.
නෞකාව තුළ මෙටි්රක් ටොන් 100ක ඉන්ධන රැගෙන ගොස් ඇති බවටයි පැවසෙන්නේ.
ගින්න ඇති වනවාත් සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් නෞකාව අතහැර බෝට්ටුවක නැගී ගොස් ඇති අතර පසුව ඉන්දීය නාවික හමුදාව විසින් ඔවුන් බේරා ගෙන තිබෙනවා.
ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට සිංගප්පූරු කණ්ඩායමක් ද යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.