ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T-20 ලීග් 2025 තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය විසඳුමකින් තොරව අවසන් වුණා. ඒ, වර්ෂාව හේතුවෙන්. චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම අතර තරඟය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පස්වරුවේ ආරම්භ වුණා. තරඟයේ කාසියේ වාසිය දිනූ කොළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව එම කණ්ඩායම පන්දුවාර තුනක් අවසානයේ එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 46ක් රැස්කර සිටියදී ඇඳ හැලුණු වර්ෂාව හේතුවෙන් තරඟය නතර කෙරුණා. කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කොළ කණ්ඩායමේ නායකයා ලෙස අද තරඟයට එක්වූ කුසල් මෙන්ඩිස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු දෙකක් පමණයි. නොදැවී පන්දුවට පහරදුන් කමිල් මිෂාර පන්දු 11කට ලකුණු 37ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්. ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 07ක් රැස් කළා.