මාර්ගගත ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේදී සිදුවන වංචා වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් විදේශීය සංචාරකයින්ට ද පීඩා එල්ල වී ඇති බවට ඊයේ වාර්තා පළ වුණා. ඒ, මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන ඔඩිසි සංචාරක දුම්රියට ආසන වෙන් කිරීම සඳහා දෙශීය සංචාරක සමාගම් විසින් අදාල ක්‍රමවේදවලින් බැහැරව දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ. මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන් කිරීමේදී අදාල විදේශීය සංචාරකයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය ඉදිරිපත් කළ යුතු බවට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබෙනවා. එහෙත් ඇතැම් සංචාරක සමාගම්, මඟ පෙන්වන්නන් සහ තැරැව්කරුවන් මෙරට පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංක යොදාගෙන මාර්ගගත ක්‍රමයට දුම්රිය ටිකට්පත් වෙන් කරවාගෙන ඒවා විදේශිකයන්ට වැඩි මිලට අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ඔඩිසි දුම්රියෙන් ගමන් කිරීමට සිටි සංචාරකයින් පිරිසකට එම වෙන් කළ ආසන වෙනුවට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ්‍ර පත්‍ර මිලදී ගෙන ඊයේ දිනයේදී එම දුම්රියේ ගමන් කිරීමට සිදු වුණා. මෙම කරුණ සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා.