බොරැල්ල, වනාතමුල්ල, සිරිසර උයන මහල් නිවාසය අසලදී රුපියල් එක්කෝටි එක් ලක්ෂයක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බොරැල්ල පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී එම යතුරු පැදිකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 105ක් සහ හෙරොයින් ග්‍රෑම් 125ක් එලෙස සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වනාතේ චතු මල්ලි නැමැත්තාගේ සමීපතමෙයෙකු බවට අනාවරණ වී තිබෙනවා.