කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු තම සිරුරෙහි සගවා ගෙන පැමිණි රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු ගුවන් හමුදාවේ 17 වසරක් සේවයේ නිරත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කෝප්‍රල්වරයෙක්.
ග්‍රෑම් 550ක් බරැති රන් බිස්කට් 40ක් සිය ඉන ප්‍රදේශයේ සගවාගෙන, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිටව යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර පසුගිය සතියේ ද මේ ආකාරයටම ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීවරයෙකු සිය පාදවල සගවා ගෙන රුපියල් කෝටි 21කට අධික රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
Published