රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොලෙන් පිටව යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන්තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකාරිය 23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණියක්.
සැකකාරිය එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි ස්නැක් පැකට් 25ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 700ක ප්‍රමාණය සගවා තිබූ බවයි ගුවන්තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ.
අත්අඩංගුවට ගත් විදේශීය තරුණිය සහ ඇය රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.