වායු සමීකරණ උපකරණවල සඟවා මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබෙනවා. පෑලියගොඩ, නුගේපාර, වරාය බහාලු‍ම් අංගනයක තිබී එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සහිත බහාලු‍ම් තායිලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.