රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු තුළ සගවාගෙන මෙරටට පැමිණ, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, කොළඹ 15 සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි රියදුරුවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් තිදෙනෙක්.
ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 315 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ පාර්සල් හතරක කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 22ක ප්‍රමාණයක් සගවා තිබූ බවයි කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ.
සැකකාර ගුවන් මගීන් සමග කුෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





