Published
“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. ඔහු මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. සැකකරුගේ ගමන් මල්ල තුළ පැකැට් 19ක් ලෙස සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 750ක ප්‍රමාණයක් සගවා තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ. එලෙස සොයා ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළඳසැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.