රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනත ජංගම දුරකථන තොගයක්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොලේ හරිත මාවත පරිශ්‍රයේදීයි. ඔවුන් දෙදෙනාම කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු 24 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. අනෙක් පුද්ගලයා 32 හැවිරිදි කර්මාන්තශාලාවක වැඩ සුපරීක්ෂකවරයෙක් වනවා. ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ තිබුණා. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු‍ 03ක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.